ඇෆ්ගනිස්තානයේ ගැහැනු ළමුන්ට පාසල් අධ්‍යාපනය තහනම්...
By Parami Dissanayake
2021 වසරේ සිට මේ දක්වා කාලය තුළ අවම වශයෙන් මිලියන 1.4ක ඇෆ්ගනිස්තාන ගැහැනු ළමුන්ට පාසල් අධ්‍යාපනය තහනම් කර ඇති බව යුනෙස්කෝව පවසා සිටිනවා.
ඒ තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ බලය ලබා ගැනීමෙන් අනතුරුව ය.
ඒ අනුව, යුනෙස්කෝව පෙන්වා දෙන්නේ එඅරට ළමුන්ට ද්විතීයික අධ්‍යාපනය සඳහා වන ප්‍රවේශය ද අවහිර වී ඇති බවයි.
මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර ඊට හේතු ලෙස දක්වා ඇත්තේ, ගුරුවරියන්ට පිරිමි ළමයින්ට ඉගැන්වීම තහනම් කිරීමට බලධාරීන් ගත් තීරණය මෙන්ම දරුවන් පාසල් යැවීමට දෙමාපියන්ට දිරිගැන්වීමක් නොමැතිකම ය.