හදිසියේම එක්ස් තහනම් කරමින් නියෝගයක් නිකුත් කෙරේ...

By Aruna Aug 31, 2024 04:15 AM GMT
Report

සිය රට තුළ එක්ස් සමාජ මාධ්‍යයේ මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට බ්‍රසීල විදුලි සංදේශ නියාමන බලධාරීන් කටයුතු කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2024 පත්වන නව ජනපති ගැන විශේෂ හෙළිදරව්වක්...

2024 පත්වන නව ජනපති ගැන විශේෂ හෙළිදරව්වක්...


එක්ස් සමාජ මාධ්‍යය හරහා අසත්‍ය තොරතුරු පැතිරවීම වළක්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලබාදුන් නියෝගයකට අනුව එක්ස් සමාජ මාධ්‍යයේ හිමිකරු වන එලොන් මස්ක් කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විදුලි සංදේශ නියාමන බලධාරීන් සඳහන් කරන්නේ.

මාස ගණනාවක් පැවති නඩු විභාගයකදී ඇලෙක්සැන්ඩර් ද මොරායස් නැමති විනිසුරුවරයා එලොන් මස්ක් වෙත අධිකරණ නියෝගයක් ලබාදී තිබුණේ එක්ස් සමාජ ගිණුම් කිහිපයක් තහනම් කරන ලෙසට බවයි.

ඉන්ධන මිල ගණන් දැනෙන ගණනකින් පහළ දමයි?..අද ජනතාවට සුබ ආරංචියක්..

ඉන්ධන මිල ගණන් දැනෙන ගණනකින් පහළ දමයි?..අද ජනතාවට සුබ ආරංචියක්..


එමෙන්ම එක්ස් ගිණුම සඳහා බ්‍රසීලයේ නීත්‍යානුකූල නියෝජිතයෙකු නම් කිරීම සඳහා නිශ්චිත කාලවකවානුවක්ද ලබාදී ඇත.