රජයෙන් සියලුම රෝහල්වලට විශේෂ මාර්ගෝපදේශයක්
ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් පද්ධතිය තුළ ඔක්සිජන් භාවිතය විධිමත් කිරීම සඳහා සකස් කරන ලද මෙරට ප්‍රථම ජාතික මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය NH Collection හෝටලයේදී ප්‍රකාශයට පත් කරන ලදී.
ඒ අනුව මෙම ජාතික මාර්ගෝපදේශ මාලාව එළිදැක්වීමට සමගාමීව රජයේ රෝහල්වල සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා විශේෂ පුහුණු වැඩසටහන් මාලාවක් ද ආරම්භ කර තිබේ.
ඒ අනුව පළමු අදියරේදී විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් සියයක කණ්ඩායමක් පුහුණු කිරීමට නියමිත අතර, ඔවුන් හරහා දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් සමස්ත රෝහල් පද්ධතියේම සේවක මණ්ඩලය දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන බවට සඳහන්.
ඒ අනුව ප්‍රතිකාර සේවාවන්හිදී ඔක්සිජන් භාවිතයට අදාළ සියලුම තාක්ෂණික කරුණු මෙයට ඇතුළත් කර ඇති අතර, රෝගී සත්කාරක සේවාවන් කළමනාකරණය කරන වෛද්‍ය පරිපාලකයන්ගේ සහ වෛද්‍ය විශේෂඥයන්ගේ අවබෝධය ඉහළ නැංවීම මෙහි මූලික අරමුණයි.
මෙමගින් රජයේ රෝහල්වල ඔක්සිජන් භාවිතය වඩාත් ආරක්ෂිත සහ කාර්යක්ෂම ලෙස සිදුකිරීමට මෙන්ම සම්පත් කළමනාකරණය විධිමත් කිරීමට ද හැකියාව ලැබෙනු ඇත.