මාලිමා ලොක්කෙක්ගේ බරපතළ රහසක් පොහොට්ටුවෙන් එළි කරයි

Report

පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර, අත්හිටවූ සිර දඬුවම් නියමව සිටින අයෙකු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කරන බවට වාර්තා වේ.

ඒ අනුව ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී ඔහු විසින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා මෙරට නීතිය ඉදිරියේ අපරාධමය වරදකට වරදකරු වී දඬුවම් ලැබූ පුද්ගලයෙකු බවත් අදාළ මන්ත්‍රීවරයාට එරෙහිව පනවා ඇති අත්හිටවූ සිර දඬුවම තවමත් බලාත්මක මට්ටමේ පවතින බවත් සඳහන් කර ඇත.

ඒ අනුව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු වාර්තාවලට අනුව, ශාන්ත පද්ම කුමාර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබෙන අතර ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුගේ රාජකාරියට බාධා කර, ඔහුට අඩත්තේට්ටම් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා වරදකරු වී තිබෙන බව සඳහන්.

ආන්දෝලනාත්මක මොඩියුලය ගැන පරීක්ෂණයක් අවසන් වන තුරු අගමැතිනිය ඉල්ලා අස්විය යුතුයි - විශාල විරෝධයක්

ආන්දෝලනාත්මක මොඩියුලය ගැන පරීක්ෂණයක් අවසන් වන තුරු අගමැතිනිය ඉල්ලා අස්විය යුතුයි - විශාල විරෝධයක්

එහිදී අධිකරණය විසින් ඔහුට මාස තුනක සිර දඬුවමක් නියම කර ඇති අතර, එම සිර දඬුවම වසර පහක කාලයකට අත්හිටුවීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කර ඇති බවත් ඊට අමතරව රුපියල් 20000ක වන්දි මුදලක් ගෙවීමටද නියම කර ඇති බවත් සඳහන්.

එමෙන්ම අත්හිටවූ සිර දඬුවමේ කාලසීමාව මෙම දඬුවමට එරෙහිව මන්ත්‍රීවරයා විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබුණද, 2021 අගෝස්තු මස 03 වන දින ඔහු එම අභියාචනය ඉල්ලා අස්කරගෙන තිබෙන බවත් ඒ අනුව, 2021 අගෝස්තු 03 වන දින සිට වසර පහක කාලයක්, එනම් 2026 අගෝස්තු මස 03 වන දින දක්වා මෙම අත්හිටවූ සිර දඬුවම බලාත්මක බවත් සාගර කාරියවසම් මහතා පෙන්වා දී ඇත.

එබැවින් යම් හෙයකින් ඔහු නීතිය උල්ලංඝනය කළහොත්, එම මාස තුනක සිර දඬුවම අනිවාර්යයෙන්ම විඳීමට සිදුවන බවත් ඔහු පවසයි.

එහිදී වැඩිදුරටත් කාරියවසම් මහතා සඳහන් කළේ මන්ත්‍රීවරයා සම්බන්ධ කංසා වගාවක් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිද්ධියක් පිළිබඳවද සිදුවීමේදී අදාළ පොලිස් නිලධාරියාට පහර දී ඇතැයි චෝදනා ඒල්ල වන අතර මේ වන විට පහර කෑමට ලක්වූ එම නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බවයි.    

වැරැද්ද වහගන්න පොත් ලක්‍ෂ හතරක පිටු ලක්‍ෂ අටක් කඩලා - රාජිත

වැරැද්ද වහගන්න පොත් ලක්‍ෂ හතරක පිටු ලක්‍ෂ අටක් කඩලා - රාජිත

දැඩි කනස්සල්ලක් ඇති කරමින් IPL විකාශනය මේ රටේ තහනම් - ශ්‍රී ලංකාවෙනුත් ඉල්ලීමක්

දැඩි කනස්සල්ලක් ඇති කරමින් IPL විකාශනය මේ රටේ තහනම් - ශ්‍රී ලංකාවෙනුත් ඉල්ලීමක්