මහින්ද රාජපක්ෂ රැලියට අනිවාර්යයෙන්ම එනවා.. නාමල්ගේ බිරිඳ එනවා කියලා මෙතෙක් දැනුම්දීලා නෑ.. රටම බලන් ඉන්න පොහොට්ටුවේ රැලිය ගැන තිස්සකුට්ටි කට අරී

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මඟින් සංවිධානය කරනු ලබන දැවැන්ත විරෝධතා ජන රැලිය අද (12) දින අනුරාධපුර නගරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසන බව සඳහන්.

ඒ අනුව ඔහු මෙම රැලිය වත්මන් ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා ධුරයෙන් පහකිරීමේ අරමුණින් පවත්වන්නක් නොව, පවතින පාලනයේ අත්තනෝමතික ක්‍රියාකලාපයන්ට හා ජනතා පීඩනයට එරෙහිව විරෝධය පළකිරීමට සංවිධානය කරන ලද්දක් බව අවධාරණය කළ බව වාර්තා වේ.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීම පිටුපස දේශපාලන බලපෑමක් පවතින්නේද යන්න පිළිබඳව රට තුළ සැකයක් නිර්මාණය වී ඇති බව පවසන කුට්ටිආරච්චි මහතා, අධිකරණ තීන්දු ලබාදීමටත් පෙර පාර්ලිමේන්තුවේදී මෙන්ම දේශපාලන වේදිකාවලදී ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් පැහැදිලි වන්නේ මෙම රැලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් එවැනි පියවරක් ගත්තේ ද යන්න බව පවසන බව සඳහන්.

රැලිය පැත්තක.. නාමල් බෙල්ල මුලින් හිර වෙයි - එයාර් බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නාමල් නම් කිරීමට CIDයට උපදෙස්

රැලිය පැත්තක.. නාමල් බෙල්ල මුලින් හිර වෙයි - එයාර් බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නාමල් නම් කිරීමට CIDයට උපදෙස්

එහෙත් මෙම සටන පෞද්ගලිකව නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති කිරීමට පවත්වන්නක් නොවන බවත්, ප්‍රධාන සංවිධායකවරයා නොමැති වුවද පෙරටත් වඩා ජවසම්පන්නව ජනතාව එක්ව රැලිය සාර්ථක කරගනු ඇති බවත් ඔහු ප්‍රකාශ කරන බව වාර්තා වේ.

තවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම රැලියට අනිවාර්යයෙන්ම සහභාගී වන බව පක්ෂයෙන් නිල වශයෙන් දැනුම් දී ඇති බව පැහැදිලි කළ ඔහු, නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සහභාගීත්වය සම්බන්ධයෙන් මෙතෙක් දැනුම්දීමක් ලැබී නොමැති බවද පැවසූ බව සඳහන්.

ඊට අමතරව රජයේ මර්දනකාරී පිළිවෙතට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ ඕනෑම දේශපාලන පක්ෂයක නියෝජිතයෙකුට මෙම රැලියට එක්වීමට හැකියාව ඇති බවත්, ආරාධිත කථිකයන් පිළිබඳ අවසන් තීරණය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් විසින් ගනු ඇති බවත් ඔහු පැවසූ බව වාර්තා වේ.

ගිනි රස්නෙන් බැට කන ලංකාවට ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල වෙන්න යන වෙනස - රටටම දන්වා නිවේදනයක්

ගිනි රස්නෙන් බැට කන ලංකාවට ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල වෙන්න යන වෙනස - රටටම දන්වා නිවේදනයක්

එසේම විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුළු රටේම ජනාධිපතිවරයා බැවින්, රටට සහ පොදු ප්‍රජාවට ඉටුවිය යුතු වගකීම් නිසි පරිදි ඉටුකරන ලෙස බලකිරීම මෙම රැලියේ ප්‍රධාන අපේක්ෂාව බව දැන්වූ ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී, ඉරිඟු, බී ලූණු, එළවළු සහ පළතුරු වගාකරන ගොවීන් ලක්ෂ එකහමාරකට අධික පිරිසක් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවත්, වී කිලෝවක් රුපියල් 85ත් 87ත් අතර සොච්චම් මුදලකට අලෙවි කිරීමට සිදුවීමෙන් ඔවුන් දැඩි අසරණභාවයකට පත්ව ඇති බවත් පෙන්වා දී ඇත.

එමෙන්ම හොරොව්පතාන, කහටගස්දිගිලිය, පදවිය සහ කැකිරාව ඇතුළු ප්‍රදේශ ගණනාවක කෘෂි නිෂ්පාදන සඳහා ස්ථාවර මිලක් නොමැති වීම මෙන්ම පොහොර හා ඉන්ධන ගැටලු හමුවේ පීඩාවට පත් ජනතාවගේ හඬ අවදි කිරීමට මෙම රැලිය යොදාගන්නා බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

ගුරු සේවයේ සිටින සියලුම ගුරුවරුන්ට සුබම සුබ ආරංචියක් - ආයේ උසස් වීම් ගන්න මේවා ඕන් නෑ

ගුරු සේවයේ සිටින සියලුම ගුරුවරුන්ට සුබම සුබ ආරංචියක් - ආයේ උසස් වීම් ගන්න මේවා ඕන් නෑ

තවද රැලිය සඳහා සෙනඟ ගෙන්වනු ලබන්නේ මුදල්, ආහාර පාන හෝ මත්ද්‍රව්‍ය ලබාදීමෙන් බවට ආණ්ඩු පාර්ශ්වය සහ සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා ඇත්තේ, ජනතා විමුක්ති පෙරමුණ හෝ සජබ රැලිවලට ජනතාව එක්වන්නාක් මෙන්ම, පවතින පාලනයට එරෙහිව සිය කැමැත්තෙන්ම විශාල පිරිසක් අනුරාධපුරයට පැමිණෙන බවයි.

තිස්ස කුට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන හත සහ ග්‍රාම සේවා වසම් 693ම නියෝජනය කරමින් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමස්ත ජනතාවගේ ද සහභාගීත්වයෙන්, මෙය මෑත කාලයේ පක්ෂයක් සංවිධානය කරන දැවැන්තම විරෝධතා රැලිය බවට පත්වනු ඇති බවයි.

පැය 24ක් තුළ ඉන්දුනීසියානු පොළොව දෙවන වතාවටත් සෙලවෙයි - ප්‍රබල භූමිකම්පාවක් - සුනාමිය බියටත් දැනුම්දීමක්

පැය 24ක් තුළ ඉන්දුනීසියානු පොළොව දෙවන වතාවටත් සෙලවෙයි - ප්‍රබල භූමිකම්පාවක් - සුනාමිය බියටත් දැනුම්දීමක්