පැන පැන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට වැඩ වරදියි - ශ්‍රීලනිපයෙන් දැඩි තීරණයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතන වෙනුවෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් අතුරින් වෙනත් පක්ෂවලට සහයෝගය ලබා දුන් සියලු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක චාමර සම්පත් දසනායක මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු මේ බව සඳහන් කළේ අද (10) දින පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ අදාළ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට නීත්‍යානුකූලව විනය පරීක්ෂණයක් පවත්වා අනතුරුව පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කරන බවයි.
තවද වැඩිදුරටත් අදහස් දැක්වූ චාමර සම්පත් දසනායක මහතා කියා සිටියේ,
"මධ්‍යම කාරක සභාවේදි තීන්දුවක් ගත්තා වෙනත් පක්ෂවලට ගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට විනයානුකූලව කටයුතු කරලා ඉවත් කරන්න. මොකද අපේ පක්ෂයෙන් තරග කරලා, අපේ පක්ෂයේ නීතිරීතිවලට පිටින් ගිහිල්ලා වැඩ කරනවානම් ඒ අයට එහෙම පක්ෂවලට ගිහිල්ලා වැඩ කරන්න බෑ. ඒ අය අනිවාර්යයෙන්ම අපේ පක්ෂයෙන් අයින් කරනවා."