සජබයේ කොළඹ නගරාධිපති අපේක්ෂක මෙන්න! (VIDEO)

Report

සමගි ජන බලවේගය විසින් කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක ලෙස ආචාර්ය, වෛද්‍ය රුවේස් හනීෆා මහතා පත් කර ඇත.

එම පක්ෂය ප්‍රකාශ කළේ, රුවේස් හනීෆා මහතාව පත් කිරීම සම්බන්ධයෙන්, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජනතාවගේ අපේක්ෂාව වන සුපිරි දියුණු නගරයක් බිහි කිරීමේ බලාපොරොත්තුව ඉටු කිරීම බවයි.

බිරිඳගේ ප‍්‍රාඩෝව සොරාගත් මාලිමා මන්ත‍්‍රි අනියම් බිරිඳ සමග රට පනින්න සූදානම්ලු!

බිරිඳගේ ප‍්‍රාඩෝව සොරාගත් මාලිමා මන්ත‍්‍රි අනියම් බිරිඳ සමග රට පනින්න සූදානම්ලු!

ඒ සඳහා රුවේස් හනීෆා මහතාව ඉදිරිපත් කළ බව ඔවුන් සඳහන් කළේය.

හනීෆා මහතා පොදුජනවාදී වෘත්තිකයෙකු වන අතර, දක්ෂතාව, නිපුණතාව, හැකියාව, කුසලතාව, එඩිතරභාවය සහ අධිෂ්ඨානශීලීත්වය වැනි සියලු ගුණාංගයන්ගෙන් යුතු උගත් පුද්ගලයෙකු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.]