නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කැළඹෙයි - නවක වදය කියලා කරලා තියෙන දේ - CID එකෙන් සිසුන් 6ක් අත්අඩංගුවට

Report

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ ආපනශාලාවක් තුළ නවක වදය ලබාදීමේ සිද්ධියකට අදාළව, එහි ජනසන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යයන පීඨයේ සිසුන් හයදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ 2022/23 අධ්‍යයන වර්ෂයේ ඇතුළත් වූ නවක සිසුන් පිරිසකට 2025 අප්‍රේල් 29 වන දින හිංසනය සහ ලිංගික වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවක වද විමර්ශන ඒකකය මඟින් සිදුකළ දීර්ඝ පරීක්ෂණයකින් අනතුරුව බව සඳහන්.

එසේම අත්අඩංගුවට පත් පිරිස අතර සිසුවියකද සිටියි. මේ අතර සැකකාර සිසුන් පස්දෙනා සහ සිසුවිය ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ වෙබ් අඩවි 146 ම අවහිර කරන්නැයි සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට නියෝගයක්

මේ වෙබ් අඩවි 146 ම අවහිර කරන්නැයි සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට නියෝගයක්

ලිට්‍රෝ ගෑස් පාර්භෝගිකයන්ට මාසික මිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - මිල ගණන් මෙන්න

ලිට්‍රෝ ගෑස් පාර්භෝගිකයන්ට මාසික මිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - මිල ගණන් මෙන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න