පොළොව පලාගෙ කාන්තාවත් ඇතුලට රැගෙන යයි..විශාල පිරිසක් ඇය සොයා මෙහෙයුමක..(PHOTOS)
ක්වාලාලම්පූර් හි කාර්යබහුල මාර්ගයක ක්ෂනිකවම පොළොව කිඳා බැස තිබෙන පුවතක් වාර්තා වනවා.
BBC පුවත් සේවය පවසන්නේ, ජලාන් ඉන්දියා මස්ජිඩ් නම් මෙම මාර්ගය අයිනේ බංකුවක් මත වාඩි වී සිටි 48 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවක් ඒ සමගම පහළට වැටී ඇති බවයි.
මෙලෙස පොළොව කිඳා බැසීම නිසා මීටර් අටක් ගැඹුරු වළක් නිර්මාණය වී ඇති අතර, කාන්තාව බේරා ගැනීම සඳහා මැලේසියානු බලධාරීන් උත්සාහ කරන බවයි විදෙස් වාර්තා පවසන්නේ.
කෙසේ වෙතත් ගලවාගැනීමේ නිලධාරීන් පවසා ඇත්තේ, මෙම වළට වැටුණු කාන්තාවගේ කිසිදු සලකුණක් පෙනෙන්නට නැති බවයි.
කෙසේ වෙතත් ඇයව සොයා ගැනීමට 100 කට ආසන්න පිරිසක් යොදවා ඇති බව ද සඳහන්.
භූගත ජලය මතුපිට ඇති පාෂාණය දියකරමින් සිදුරක් සෑදීමේදී සාමාන්‍යයෙන් මේ ආකාරයට ගිලා බැසීම් ඇතිවන බවයි කියවෙන්නේ.
ගෝලීය වශයෙන් නිශ්චිත දත්ත නොමැති වුවද, භූ විද්‍යාඥයින් පවසන්නේ ඒවා පොදු හේතූන් වන බවයි.
කෙසේ වෙතත් මෙලෙස නිර්මාණය වන ගිලා බැසීම් නිසා මිනිසුන් අනතුරට ලක්වීම ඉතා දුර්ලභ කරුණක් බවයි පැවසෙන්නේ.
මෙම ව්‍යසනයන්ගෙන් එකක් ලෙස 2010 දී කැනඩාවේ සිදු වූ දරුණුතම ගිලා බැසීම පෙන්වාදිය හැකියි.
2010 දී කැනඩාවේ මොන්ට්‍රියෙල් අසල පිහිටි නිවසක් සම්පූර්ණයෙන්ම ගිලා බැසීමෙන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් මිය ගියා.
ලොව විශාලතම ගිලාබැසීම ලෙස නිරිතදිග චීනයේ Xiaoxhai Tiankeng හඳුනාගෙන ඇති අතර එය මීටර් 660 ක ගැඹුරකින් යුක්ත වන අතර එම ගිලා බැසීම කිලෝමීටර් භාගයකටත් වඩා වැඩි වීම විශේෂත්වයක්.
පර්යේෂකයන් විශ්වාස කරන්නේ එය වසර 128,000 කට පෙර ඇතිවූ එකක් වන බවයි.