බක් මහේ ජනතාවට රජයෙන් නොමිලේම ලබා දීමක් - තවත් සතුටු හිතෙන සුබ පණිවිඩ කිහිපයක්ම මෙන්න.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ අස්වැසුම හෝ වෙනත් ප්‍රතිලාභ නොලබන ඉතා දිළිඳු පවුල් ලක්ෂ 27.5ක් වෙනුවෙන් සිංහල – දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සහල් කිලෝ 20 බැගින් ලබාදීමට කටයුතු කරන බවයි.
එමෙන්ම ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන විසිදහසක මුදලක් වෙන්කර ඇති බවත් ඒ මහතා කියා සිටියේ ය.
රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ ඉදිරි ග්‍රාමීය සංවර්ධනයන් පිළිබඳව අනුරාධපුර, කළුආරච්චියාගම ප්‍රදේශයේ පැවති ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ය.
කෙසේ වෙතත්, මෙයට අමතරව අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන යටතේ ජූලි මාසය වනවිට පවුල් ලක්ෂ විසි හතරකට ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය.