14 වන ලියෝ පාප්තුමාගේ දෙවන විදේශ සංචාරයට අප්‍රිකානු මහද්වීපයට
අති උතුම් 14 වන ලියෝ පාප්වහන්සේ දින 11 ක විශේෂ අප්‍රිකානු සංචාරයක් ආරම්භ කර තිබේ.
පසුගිය වසරේ මැයි මාසයේදී පාප් ධුරයට පත්වීමෙන් පසු උන්වහන්සේ සිදුකරන දෙවන ප්‍රධාන විදේශ සංචාරය මෙයයි.
සාමය තහවුරු කිරීම, සංක්‍රමණික ගැටලු විසඳීම සහ විවිධ ආගම් අතර සංවාදය ගොඩනැගීම මෙම සංචාරයේ ප්‍රධාන තේමාවන් වී ඇත.
වර්තමාන කතෝලික සභාව තුළ අප්‍රිකානු මහද්වීපය වේගයෙන්ම වර්ධනය වන කලාපය ලෙස හඳුනාගෙන ඇති අතර, ලොව සමස්ත කතෝලික ජනගහනයෙන් මිලියන 288 ක් (පහෙන් එකකට වඩා වැඩි පිරිසක්) එහි වෙසෙති.
මෙම සංචාරය හරහා අප්‍රිකානු මහද්වීපයට හිමි වැදගත්කම ලොවටම විදහා දක්වන බව විචාරකයෝ පවසති.