මිටියාගොඩ ඝාතනයේ සැකකරුවෙක් මාට්ටු
මීටියාගොඩ පොලිස් වසමේ තඹහිටිය ප්රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මීටියාගොඩ පොලිස් වසමේ තඹහිටිය ප්රදේශයේදී ඉකුත් 03 වනදා T56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තිබුණි. අපරාධය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය හා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන දියත් කළේය.
ඒ අනුව පෙරේදා රාත්රී කාලයේ බටපොල පොලිස් වසමේ නින්දාන ප්රදේශයේදී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධයට අධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මීටියාගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27 ක් වන නින්දාන ප්රදේශයේ පදිංචිකරුවෙකි. මීටියාගොඩ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.