හේතුව හෘදයාබාධයක් ද?. ගයනයෙන් රසික සිත් සතන් සුවපත් කළ, ගායකයෙක් ජීවන කතරට සමු දෙයි.. (PHOTOS)
By krishani
මේ කියන්න යන්නේ නම් දුක හිතෙන ආරංචියක් ගැන.
ඒ තමයි ජැක්සන් 5හි ආරම්භක සාමාජිකයෙකු වන ගායන ශිල්පී ටිටෝ ජැක්සන් මියගොස් ඇති බව යි.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 70ක් විය.
එන්ටර්ටේන්මන්ට් ටුනයිට් හි මූලික වාර්තා වලට අනුව, ජැක්සන්ගේ දිගුකාලීන මිතුරෙකු වන ස්ටීව් මැනින් හෙළි කළේ නිව් මෙක්සිකෝවේ සිට ඔක්ලහෝමා දක්වා රිය පැදවීමේදී ටිටෝට හෘදයාබාධයක් වැළඳී ඇති බවට විශ්වාස කරන බවයි.
නමුත්, මරණයට නිල හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
ටොරියානෝ ඇඩරිල් ජැක්සන් ලෙස 1953 ඔක්තෝබර් 15 වන දින ඉන්දියානා හි ගැරී හි ඔහු උපත ලැබීය.
ටිටෝ ජැක්සන් ඔහුගේ සහෝදරයන් වන මයිකල්, ජර්මේන්, මාලන් සහ ජැකී සමඟ එක්ව 1960 ගණන්වල ජැක්සන් 5 නිර්මාණය කළේ ය.