වැඩිම වෙලා ද?. එකවරම ඉන්ධන ගැන මෙරටින් ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..
පසුගිය ජූලි මාසයෙන් අවසන් වූ මාස හත තුළ දි අපනයන ආදායම 5.6% කින් සහ ආනයන වියදම 9.1% කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ බව මහ බැංකුව සඳහන් කළේ ය.
ඒ අනුව පසුගිය වසරේ ජූලි මාසයේ පැවති ඩොලර් මිලියන 367ට සාපේක්ෂව මෙම වසරේ ජූලි මාසයේදී ඩොලර් මිලියන 604 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉන් වැඩිම ආනයන වියදමක් දරා ඇත්තේ ඉන්ධන සඳහා වන අතර, එය ඩොලර් මිලියන 2,548 යි දශම එකක් වේ.
එමෙන්ම, රෙදිපිළි සහ රෙදිපිළි උපාංග සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 1,607ක් වේ.
තවද, බෙහෙත් සහ ඖෂධීය නිෂ්පාදිත සඳහා ඩොලර් මිලියන 322.9 ක් වැය කර තිබෙනවා.
එමෙන්ම, වැඩිම අපනයන ආදායමක් උපයා ඇත්තේ රෙදිපිළි සහ ඇඟලුම්වලින් වේ.
එය සටහන් වන්නේ ඩොලර් මිලියන 2,852.7ක් ලෙසටයි.
කෙසේ වෙතත්, එම කාල සීමාව තුළ තේ අපනයනයෙන් ඩොලර් මිලියන 811.7 ක් උපයා තිබෙනවා.