ඈ මේ මොකක්ද වෙලා තියෙන්නෙ?. සහල් මිල ගැනයි මේ..
Latest Headlines
Decision Making
Rice
By krishani
සහල් තොග වෙළදුන් විසින් පාලන මිලට වඩා වැඩි මිලකට සහල් තොග නිකුත් කිරිම නිසා පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරිමට සිදු වි ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඒ බව නුවරඑලිය දිස්ත්‍රික්කයේ සහල් වෙළදුන් කියා සිටිනවා.
පාරිභෝගික සේවා අධිකාරිය විසින් නියම කර ඇත්තේ නාඩු සහල් කිලෝවක පාලන මිල රු. 220 ක් ලෙසත් සම්බා සහල් කිලෝවක පාලන මිල 230ක් වශයෙනුත් අලෙවි කළ යුතු බවයි.
එසේ පාලන මිල නියම කර තිබියදි සහල් තොග වෙලෙදුන් විසින් නාඩු සහල් කිලෝවක් රු. 235 සහ සම්බා සහල් කිලෝවක් රු .245 වැනි තොග මිලකට තමන්ට නිකුත් කිරිම හමුවේ සහල් පාලන මිලට අලෙවි කිරිමට නොහැකි බව සහල් වෙළෙදුන් සඳහන් කර තිබෙනවා.
එමෙන්ම, සහල් තොග වෙළෙදුන් විසින් සහල් පාලන මිලට වඩා රුපියලක් අඩුවෙන් බිල්පතේ සදහන් කර වැඩි කළ මුදල වෙනම ලබා ගන්නා බව ඔවුන් චෝදනා කර තිබෙනවා.