ඉන්දීය ප්‍රවීණ ගායන ශිල්පිනියක් රෝහල්ගත කරයි
By Kanchana
ලෝක ප්‍රකට ඉන්දීය පසුබිම් ගායිකා ආශා බෝස්ලේ (Asha Bhosle) මුම්බායිහි බ්රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කර ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කරයි.
ඇයට ඇති වූ බව කියන හෘදයාබාධයක් සහ පෙනහළු ආශ්රිත සංකූලතා ඊට හේතුව බව එහි වාර්තා වේ.
92 හැවිරිදි වියේ පසුවන ඇය දශක හතකට වැඩි කාලයක් ඉන්දීය සංගීත ක්ෂේත්රයේ රැජිනක ලෙස වැජඹුන අග්‍ර ගණයෙ ශිල්පිනියකි .
ඇය තමන්ටම ආවේණික වූ සුවිශේෂී ගායන ශෛලියක් ගොඩනගා ගත් ගායන ශිල්පිනියක් වේ
සංගීතයට සිදු කළ ඉහතම සේවය අගය කරමින්, ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මාන වන පද්ම විභූෂණ සහ දඩාසාහිබ් ෆාල්කේ සම්මානවලින් ඇය පිදුම් ලබා ඇත.