මේ ගුවන් මගීන්ට අලුත් බද්දකුත් ගෙවන්න වෙයි

Report

සිංගප්පූරුවෙන් පිටත්ව යන ගුවන් මගීන්ට එළඹෙන වසරේ සිට හරිත ඉන්ධන බද්දක් ගෙවීමට සිදුවන බවට එරට රජය දැනුම් දී ඇත.

ඒ අනුව ගුවන් සේවා කර්මාන්තයේ විමෝචනය අඩු කිරීමේ සිංගප්පූරුවේ උත්සාහයක් වශයෙන් මෙම පියවර ගෙන ඇති බව සිංගප්පූරුවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කරයි.

එහිදී මෙම නව බද්ද යටතේ ගුවන් මගීන්ට උපරිම ලෙස සිංගප්පූරු ඩොලර් 41.60ක් තරම් මුදලක් ගෙවීමට සිදු වේ.

එසේම මෙම තිරසාර ගුවන් සේවා ඉන්ධන බද්ද අය කිරීමට වන ගාස්තුව අය කිරීම ලබන වසරේ අප්‍රේල් 1 වැනිදා සිට විකුණනු ලබන ගුවන් ටිකට්පත් සඳහා අදාළ වන බව සඳහන්.

ලංකා බැංකුවේ ගණුදෙනුකරුවන්ට මෙන්න අලුත් ආරංචියක්

ලංකා බැංකුවේ ගණුදෙනුකරුවන්ට මෙන්න අලුත් ආරංචියක්

සිංගප්පූරුවෙන් පිටත්ව යන ගුවන් ගමන්වලට ඔක්තෝබර් 1 වැනිදා සිට බද්ද ක්‍රියාත්මක වේ.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ සිංගප්පූරුව හරහා ගමන් කරන (transiting) මගීන්ට මෙම ගාස්තුව ගෙවීමට අවශ්‍ය නොවන බවයි.

එමෙන්ම ගුවන් ගමන් පන්තිය සහ ගමනාන්තය අනුව මගීන්ගෙන් අය කරන ගාස්තුව වෙනස් බව ද පවසයි.

වාණිජ පන්තියේ (economy), වාරික වාණිජ පන්තියේ (premium economy) සහ කෙටි දුර ගමන් මාර්ගවල (short-haul routes) ගමන් කරන මගීන්ට ඊට වඩා ඉතා අඩු මුදලක් අය කෙරෙන බව ද සඳහන්.

බැංකු දෙක ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

බැංකු දෙක ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

ඊට අමතරව අග්නිදිග ආසියානු ගමන්වලට අමතර ලෙස සිංගප්පූරු ඩොලර් 1 ක් ගෙවීමට සිදු වේ.

ඇමරිකාවට යන ගුවන් ගමන්වලට අමතර ලෙස S$10.40 ක් ගෙවීමට සිදුවේ. තවද ව්‍යාපාරික පන්තියේ (Business class) සහ පළමු පන්තියේ (First class) ගමන් කරන මගීන් ඉහත සඳහන් කළ ගාස්තු මෙන් හතර ගුණයක් ගෙවීමට සිදුවන බවත් වාර්තා වේ.

ඒ අනුව භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් සඳහාද තීරුබද්දක් අය කරනු ඇති අතර, එය කිලෝග්‍රෑමයකට අනුව අය කරන බව විදෙස් වාර්තාවල සඳහන්.

උසස් පෙළ විභාග මෙච්චර ඉක්මනට - විභාගය ඉවර වෙන්නත් කලින් වැඩ පටන් අරන්

උසස් පෙළ විභාග මෙච්චර ඉක්මනට - විභාගය ඉවර වෙන්නත් කලින් වැඩ පටන් අරන්