විදුලි ගාස්තුව යළි ඉස්සෙන ලකුණු - ඇමති කියන අලුත්ම කතා

Ceylon Electricity Board IMF Sri Lanka Sri Lanka Electricity Prices Sinhala news
By Shehan Apr 30, 2025 05:16 PM GMT
Shehan

Shehan

Report

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇත්තේ, විදුලි ගාස්තු ක්‍රමය පිරිවැය ආවරණය වන ආකාරයට සකස් කළ යුතු බවයි යනුවෙන් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, මෙම එකඟතාවලට අනුව මීළඟ විදුලි ගාස්තු සංශෝධනය මෙම මාසය තුළ සිදු කිරීමට සැලසුම් කර තිබුණත්, එය ජූනි මාසයේදී කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණි බවයි.

පච ගොඩට එකතු වුන අළුත්ම පොහොට්ටුවේ ටොම් පචයා ගැන මහින්ද කියන කතාව (VIDEO)

පච ගොඩට එකතු වුන අළුත්ම පොහොට්ටුවේ ටොම් පචයා ගැන මහින්ද කියන කතාව (VIDEO)

ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකමට අදාළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන සමාලෝචනය සඳහා පසුගියදා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව හිමි වූ අතර, එයට විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසු, පස්වන වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 344ක් ශ්‍රී ලංකාවට ඉදිරියේදී ලැබීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අපි වැටුප් ගන්නේ නෑ කියලා කොහෙවත් කියල නෑ! : මාලිමා පච දික්වේ..

අපි වැටුප් ගන්නේ නෑ කියලා කොහෙවත් කියල නෑ! : මාලිමා පච දික්වේ..

එහිදී, පිරිවැය මත පදනම් වූ විදුලි ගාස්තු ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ වහාම ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කළ අතර, ඒ යටතේ විදුලි ගාස්තු තීරණය කිරීම සඳහා යාවත්කාලීන මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු සඳහන් කළේය.

රජය පොහොර මිල ඉහළ දමලා

රජය පොහොර මිල ඉහළ දමලා

ReeCha