රජය පොහොර මිල ඉහළ දමලා
මෙවර යල කන්නය ආරම්භ වුවත්, රජය විසින් පොහොර මිල ඉහළ දමා ඇති බව ගොවීහු චෝදනා කරති.
ඇළහැර ගොවි ව්‍යාපාරයේ ගොවීහු අවධාරණය කරන්නේ, ගොවිතැනට අත්‍යවශ්‍ය මඬ පොහොරවල මිල පසුගිය කන්නයට සාපේක්ෂව මෙවර රුපියල් 1,100කින් වැඩි කර ඇති බවයි.
2025 යල කන්නයේ කුඹුරු අස්වැද්දීම ආරම්භ වීමත් සමඟ, තමන් නොයෙකුත් ගැටලුවලට මුහුණ දී සිටින බව විවිධ ප්‍රදේශවල ගොවීහු පසුගිය දින කිහිපය තුළ පෙන්වා දුන්හ.
එසේම, වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර සහනාධාර මුදල් නිසි ලෙස බැංකු ගිණුම්වලට බැර නොකිරීම ද ගොවීන්ට මුහුණ දීමට සිදුව ඇති තවත් ගැටලුවකි.
මේ අතර, පසුගිය වසර දහය තුළ විදේශීය ආධාර ලෙස ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් ලැබුණු ඩොලර් මිලියන 750කට අධික මුදල නිසි ලෙස ව්‍යාපෘති සඳහා යෙදවූයේ ද යන්න පිළිබඳ තොරතුරු විමසීම සඳහා ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අද (30) කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත පැමිණියේය.
