අද දවස තීරණාත්මකයි - අධ්‍යාපන ඇමතිනියට එරෙහිව විශ්වාසභංගයට මහජන අත්සන් ගන්නේක ඇරඹේ
සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන්නේ, අධ්‍යාපන අමාත්‍යවරිය වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා මහජනතාවගෙන් අත්සන් ලබාගැනීම අද (10) දිනයේ සිට ආරම්භ කරන බවයි.
මෙම යෝජනාව ගෙන ඒමට හේතුව වී ඇත්තේ වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ළමුන්ගේ මනසට නුසුදුසු අන්තර්ගතයන් සහ විෂය කරුණු සම්බන්ධයෙන් බරපතල වැරදි රැසක් ඇතුළත් වීම මෙන්ම ඒ පිළිබඳ විධිමත් විමර්ශනයක් හෝ ප්‍රතිචාරයක් නොමැතිවීම බව ඔහු සඳහන් කළා.
විශේෂයෙන් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය ආශ්‍රිත ගැටලුව මුල් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට විපක්ෂය තීරණය කර තිබෙනවා. පසුගිය දිනවලදී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් එකතු කිරීම ආරම්භ වූ අතර, දැන් එය මහජනතාව දක්වා පුළුල් කිරීමට කටයුතු කරන බවයි සජබ මහලේකම් ප්‍රකාශ කළේ.
මෙම ක්‍රියාවලිය මගින් ජනතාවගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ විරෝධය ප්‍රකාශ කිරීමටත්, ආණ්ඩුවේ වගවීම් පිළිබඳ බලපෑමක් ඇති කිරීමටත් අපේක්ෂා කෙරෙනවා. ඉදිරි දිනවලදී මෙම අත්සන් එකතුව වේගවත් කිරීමටත්, යෝජනාව කථානායකවරයා වෙත භාරදීමටත් සැලසුම් තිබෙන බව සඳහන්.