ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවක හිඟයෙන් අපනයනයට සිමා..

Sri Lanka Economy of Sri Lanka Import
By Piyumika Oct 06, 2024 02:38 AM GMT
Piyumika

Piyumika

Report

මෙරට නිෂ්පාදනය කෙරෙන ඇඟලුම් අපනයනය කිරීමට මහා පරිමාණ තොග ඇනවුම් ලැබුණත් ක්ෂේත්‍රයේ පවතින සේවක හිඟය හේතුවෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

බලන්නකෝ බත් කටක් කවන්න ගිහින් පොලිස් නිළධාරියෙක් කරගෙන තියන දෙයක් .. (VIDEO)

බලන්නකෝ බත් කටක් කවන්න ගිහින් පොලිස් නිළධාරියෙක් කරගෙන තියන දෙයක් .. (VIDEO)

ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැළෙන සේවකයන් සම්බන්ධයෙන් කොවිඩ් වසංගතයෙන් පසු කම්කරු අමාත්‍යංශය විසින් සමීක්ෂණයක් කර තිබිණි. මහා පරිමාණ, මධ්‍ය පරිමාණ සහ සුළු පරිමාණ ඇඟලුම් කම්හල් සම්බන්ධයෙන් මෙම සමීක්ෂණය කර ඇත. හතළිස් දහසක පමණ සේවක හිඟයක් මේ වන විට රටෙහි පවතින බව එහිදී අනාවරණය වී ඇත.

කොවිඩ් වසංගතයෙන් පසු ක්ෂේත්‍රයේ නියුතු සේවකයන් රැකියා අතහැර වෙනත් රැකියා සඳහා යොමුවීමත් රටෙහි පැවැති ආර්ථික අර්බුදය හමුවේ බොහෝ පිරිසක් රට හැර යාමත් මෙම සේවක හිඟයට හේතු වී තිබිණි.

ඔක්කොමත් හොදට කරගෙන යද්දී අලුත් ආණ්ඩුව මොකක්ද මේ කරගෙන තියෙන්නේ..සමාජ මාධ්‍ය කළබන නව පත්වීමක්..

ඔක්කොමත් හොදට කරගෙන යද්දී අලුත් ආණ්ඩුව මොකක්ද මේ කරගෙන තියෙන්නේ..සමාජ මාධ්‍ය කළබන නව පත්වීමක්..

අපනයන කිරීමට මහා පරිමාණයෙන් තොග ඇණවුම් ලැබුණද ඒවා සම්පූර්ණ කිරීමට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගත වී ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනයන කර්මාන්ත මණ්ඩලයේ අතිරේක ලේකම් රුමේෂ් පෙරේරාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ ඇණවුම් මහා පරිමාණයෙන් ලැබුණද ක්ෂේත්‍රයේ සිටින සේවකයන් ගණනට සරිලන පරිදි ඇණවුම් භාරගැනීම සීමා කිරීමට වී ඇති බවයි.

රහස් අවි ගබඩාවක්..මොකක් කරන්නද මේ සුදානම් වෙලා තියෙන්නේ..

රහස් අවි ගබඩාවක්..මොකක් කරන්නද මේ සුදානම් වෙලා තියෙන්නේ..

මේ වන විට ඇඟලුම් ක්ෂේත්‍රයට පුහුණුවලත් සේවකයන් සොයාගැනීමේ ගැටලුවක් පවතින බවද හෙතෙම කීවේය.

අද වනවිට ඇඟලුම් ක්ෂේත්‍රයේ තුන්ලක්ෂ පනස්දහසක පමණ සේවකයන් පිරිසක් පමණක් රැඳී සිටින බවත් සේවකයන් එකතුවන තරමට ක්ෂේත්‍රය වර්ධනය කරගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.