ඔක්කොමත් හොදට කරගෙන යද්දී අලුත් ආණ්ඩුව මොකක්ද මේ කරගෙන තියෙන්නේ..සමාජ මාධ්‍ය කළබන නව පත්වීමක්..

Sri Lanka Police Sri Lanka Government Of Sri Lanka Inspector General of Police
By Piyumika Oct 05, 2024 01:33 AM GMT
Piyumika

Piyumika

Report

වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ ලිපියට අනුව අජන්ත රොද්‍රිගු නම් පොලිස් අධිකාරීවරයාව මහජන සාමය කළමනාකරණ කොට්ටාශයේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ලෙස පත්කර තිබෙනවා.

අජන්ත රොද්‍රිගෝ යනු 2023 මාර්තු 07 වනිදා කොළඹ විශ්ව විද්‍යාලය තුළට අනීතීක ලෙස කදුළු ගෑස් ගසා සිසුන්ට ශාරිරික හානිකල පොලිස් මර්දන ක්‍රියාවට අණ දුන් පොලිස් නිලධාරියා බවයි පැවසෙන්නේ.

ඔක්කොමත් හොදට කරගෙන යද්දී අලුත් ආණ්ඩුව මොකක්ද මේ කරගෙන තියෙන්නේ..සමාජ මාධ්‍ය කළබන නව පත්වීමක්.. | A New Appointment Made By The Police Stirs Up Sm

එම ප්‍රහාරයට පසුදින ශ්වසන අපහසුවක් හේතුවෙන් රෝහල් ගත කළ විශ්ව විද්‍යාලයේ ආරක්ෂක නිලධාරී වන්නිනායක මහතා මියගිය අතර ඊට අදාළ පරීක්ෂණ කටයුතු මේ වන තෙක් අවසන්ව නැහැ.

ඉන් අනතුරුව කොළඹ විශ්ව විද්‍යාල සිසුන් විසින් ගොනු කළ SC FR 227/23 මුලික අයිතිවාසිකම් පෙත්සමේ දෙවනි වගඋත්තරකරු ද ඔහු වන අතර මානව හිමිකම් කොමිෂම් සභාවේ සිතාසි නොසලකා මානව හිමිකම් කොමිෂමේ විමර්ශන සදහා නොපැමිණි පුද්ගලයෙක්ද වනවා.

විරෝධතා විසුරුවා හැරීමට පැමිණි මෙම පොලිස් නිලධාරියා වඩාත් කුප්‍රකට වූයේ අතින් කඩන ලද කඳුළු ගෑස් කැනිස්ටර විරෝධතාවයේ නිරත පිරිස් වෙතට එල්ල කිරීම හේතුවෙන්.

මීට අමතරව බොරැල්ලේ පැවැති සාමකාමී සැමරුමකට බාධා කරමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඇතුළු පිරිසකට හිරිහැර කිරීම සම්බන්ධයෙන් එවක සහකාර පොලිස් අධිකාරී අජන්ත රොද්‍රිගෝ නැමැති මෙම පොලිස් නිලධාරියාට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ අනුව ඔහුට මානව හිමිකම් කොමිසමෙන් සිතාසි නිකුත් කළද අදාළ පැමිණිල්ල විභාග කිරීම සඳහා ඔහු සහභාගී වුණේ නැහැ.

තවද 2023 වර්ෂයේ පෙබරවාරි 03 වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසළ සිදුකළ සාමකාමී සත්‍යග්‍රහය විසුරුවා හැරීමට පොලීසිය ප්‍රහාරයක් එල්ල කළ අතර අජන්ත රොද්‍රිගෝ සිදුකළ පහරදීමෙන් සමාජ ක්‍රියාකාරී විදර්ශන කන්නංගර මහතාගේ අතෙහි අස්ථි බිදීමක් සිදුවුණා.

ඔක්කොමත් හොදට කරගෙන යද්දී අලුත් ආණ්ඩුව මොකක්ද මේ කරගෙන තියෙන්නේ..සමාජ මාධ්‍ය කළබන නව පත්වීමක්.. | A New Appointment Made By The Police Stirs Up Sm

මීටත් අමතරව මෙම පොලිස් නිලධාරියා අධිකරණයට අසත්‍ය ප්‍රකාශ කළ බවට තහවුරු කල නිලධාරියෙක්ද වනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ එවක කැඳවුම්කරු වු වසන්ත මුදලිගේ මාස ගණනාවක් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ සිරකිරීම සඳහා පොලිස් අධිකාරී රෝද්‍රිගෝ විසින් අසත්‍ය කට උත්තරයක් ලබාදී ඇති බවට අධිකරණය ඉදිරියේ ඔප්පු වූවා.

ඒ අනුව වසන්ත මුදලිගේ අදාළ චෝදනාවලින් නිදහස් කරමින් 2023 වසරේ මාර්තු 29 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විවෘත අධිකරණයේදී පැවසුවේ මෙම රොද්‍රිගෝ නැමැති පොලිස් නිලධාරියා ඔහුට තර්ජනය කිරීමක් කරමින් බියගැන්වීමක් කළ බවට වන ප්‍රකාශය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේව සැකකරුවෙකු ලෙස ඉදිරිපත් කිරීම සඳහා නිරිමාණය කරන ලද ප්‍රකාශයක් බවයි.  

ReeCha