බලන්නකෝ බත් කටක් කවන්න ගිහින් පොලිස් නිළධාරියෙක් කරගෙන තියන දෙයක් .. (VIDEO)
By Piyumika
නුවරඑළිය නගරයේ ආපන ශාලාවක් වෙත ගොස් එහි හිමිකරුට සහ සේවයෙකුට පහර දී පරුෂ වචනයෙන් බැන තර්ජනය කළේ යැයි කියන සිද්ධියකට අදාල පොලිස් නිලධාරියෙකු මහනුවර කොට්ඨාසය වෙත තාවකාලිකව මාරුකර විමර්ෂණයක් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.
අදාල පොලිස් නිලධාරියා ප්‍රදේශය භාර උසස් පොලිස් නිළධාරියෙකුගේ පෞද්ගලික සහකාර නිලධාරීවරයෙකු බවටයි වාර්තා වුණේ.
ඒ අනුව, සිද්ධියට අදාල ආපනශාලා හිමිකරු අද නුවරඑළිය පොලිස් අධිකාරි කාර්යාලය වෙත කැදවා ඔහුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබුණා.
පොලිස් නිලධාරියෙකු විසින් ඊයේ අලුයම තමාට සහ තම සේවකයෙකුට පහර දී තර්ජනය කළ බවට මෙම ආපනශාලා හිමිකරු චෝදනා කරනවා.
එම නිලධාරියා බලහත්කාරයෙන් ආපනශාලා හිමිකරුට ආහාර, කවන අයුරු ආපනශාලාවේ සී.සී.ටී.වි කැමරාවේද සටහන්ව තිබුණා.