ජනවාරියේ ඉන්ධන, ගෑස් හිඟයක්? - ඉන්ධන මිල සූත්‍රය නව රජයෙන් ඉවත් කරයි.?

Anura Kumara Dissanayaka Litro Gas LAUGFS Gas PLC Sri Lanka Fuel Crisis
By Wayomi Nov 11, 2024 03:51 AM GMT
Wayomi

Wayomi

Report

ඉන්ධන සහ ගෘහස්ථ ගෑස් හිඟයකින් තොරව ලබන වසර දක්වා ලබාදීමට නම් පසුගිය රජය විසින් ගිවිසුම්ගතව ඇති ටෙන්ඩර් අත්හිටුවන්නේ නැතිව තවදුරටත් ක්‍රියාත්මක කළ යුතුව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබෙනවා.

ඒ, අනුව පසුගිය රජය විසින් ගෘහස්ථ ගෑස් සැපයීම සම්බන්ධව විදෙස් සමාගමක් සමඟ අත්සන් කර ඇති ගිවිසුම අහෝසි කළහොත් ලබන ජනවාරි මාසය වනවිට රටේ ගෑස් හිඟයක් ඇතිවන බව ද සඳහන් කරනවා.

මේ සති අන්තය වන විට ඉන්ධන මිල පහල යයි.- නව මිල ගණන් මෙන්න.

මේ සති අන්තය වන විට ඉන්ධන මිල පහල යයි.- නව මිල ගණන් මෙන්න.

ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය නෑ. - 8 ශ්‍රේණිය දක්වා තරග විභාග නෑ.- පෙර පාසල් අධ්‍යාපනයේත් වෙනසක්.

ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය නෑ. - 8 ශ්‍රේණිය දක්වා තරග විභාග නෑ.- පෙර පාසල් අධ්‍යාපනයේත් වෙනසක්.

ජනපති අනුර වැඩිදුරටත් කියා සිටින්නේ,එම ගිවිසුම්වලින් ක්ෂණිකව ඉවත්විය නොහැකි බවත් 2025 ජනවාරි මාසයෙන් පසු එම ගිවිසුම්වලින් ඉවත්වීමට රජය උත්සාහ ගන්නා බවත්ය.

එමෙන්ම ඉන්ධන අලෙවිය සම්බන්ධව දැනට පවතින මිල සූත්‍රයෙන් නව රජය ඉවත්වීමට බලාපොරොත්තු වන බවත් එවිට ඇතැම් ඉන්ධන සැපයුම් සමාගම් මෙරටින් ඉවත්ව යා හැකි බවත් ඇතැම් සමාගම් දේශපාලන අරමුණු වෙනුවෙන් තවදුරටත් රැඳී සිටිය හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

මේ අතර ඉන්ධන අලෙවියෙන් ඛනිජ තෙල් සංස්ථාව ඉවත් නොවන බවත් ඉන්ධන මිල පාලනයට රජයේ මැදිහත්වීමක් තිබිය යුතු බව තමා විශ්වාස කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

පාර්ලිමේන්තු ජන්දේ දී පාට කරන ඇඟිල්ල මාරු වෙයි. - සුලගිල්ල වෙනුවට එන ඇඟිල්ල මෙන්න.

පාර්ලිමේන්තු ජන්දේ දී පාට කරන ඇඟිල්ල මාරු වෙයි. - සුලගිල්ල වෙනුවට එන ඇඟිල්ල මෙන්න.

 

මට මැරෙන්න වෙන්නේ හොරා කියලා අහගෙනද? - හිටපු ජනපති කිවූ කතාව. (VIDEO)

මට මැරෙන්න වෙන්නේ හොරා කියලා අහගෙනද? - හිටපු ජනපති කිවූ කතාව. (VIDEO)

කටපාඩම් ක්‍රමය වැඩක් නෑ. - පාසල් විෂය නිර්දේශය ගැන තීන්දුවක් ?

කටපාඩම් ක්‍රමය වැඩක් නෑ. - පාසල් විෂය නිර්දේශය ගැන තීන්දුවක් ?

ReeCha