රෝහල්වල අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක හිඟයක්

Report

 මේ වන විට රට පුරා රෝහල්වල නොමිලේ ලබාදෙන අක්ෂි කාච හිඟයක් නිර්මාණය වීම හේතුවෙන් රෝගීන්ට රුපියල් තිස් දහසකට අධික මුදලක් ගෙවා බාහිරින් අක්ෂි කාච මිලදී ගැනීමට සිදුව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.

නැවත දැනුම්දෙන තුරු නුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු නුවරට එන්න එපා

කොළඹ දී ඊයේ (24 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී එම සන්ධනයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේ අවසාන වරට වෛද්‍ය සැපයුම් ඒකකයට අක්ෂි කාච ලබාගෙන ඇත්තේ 2023 - 24 කාලසීමාවේදී බවත් අමාත්‍යංශයේ කඹ ඇදිල්ලක් හේතුවෙන් මෙම අක්ෂි කාච හිඟය පවතින බවත් ය.

ඉන්පසුව අක්ෂි කාච ලබා ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාව ටෙන්ඩර් කැඳවා ඇති නමුත්, ඖෂධ නියාමන අධිකාරිය සහ වෛද්‍ය සැපැයුම් ඒකකය අතර ඇතිවූ පරස්පර විරෝධී තත්ත්වයක් හේතුවෙන් අදාළ ටෙන්ඩරය ලබාදීම මේ දක්වා ප්‍රමාදව ඇති බවද හෙතෙම අනාවරණය කළේය.

මාතර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කළ ආකාරය

මාතර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කළ ආකාරය

ටෙන්ටරයක් ප්‍රදානය කරන විට ඊට බලපාන විශේෂතා සම්බන්ධව අවසාන එකඟතාවයකට පැමිණීමෙන් අනතුරුව ටෙන්ඩරය ප්‍රදානය කරන නමුත්, ටෙන්ඩරය ප්‍රදානය කිරීමෙන් පසුව වෛද්‍ය සැපයුම් ඒකකය විසින් එම විශේෂතා සම්බන්ධයෙන් විරෝධතා දැක්වීම හේතුවෙන් මෙම ගැටලුව නිර්මාණය වී ඇතැයි ද සභාපතිවරයා පෙන්වා දුන්නේය. තවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවතින ප්‍රායෝගික ප්‍රශ්න සම්බන්ධව වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාට හෝ සෞඛ්‍ය ලේකම්වරයාට අවබෝධයක් නොමැති බවද ඔහු පැවැසුවේය.