දුටුවේ ද කොහෙදීම හරි මෙවන් රුවක්.. පොලීසියෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි..(PHOTOS)
පසුගිය (16) වනදා මන්නාරම මහේත්ත්‍රාත් අධිකරණය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ජනතාවගෙන් සහාය පතයි.
එදින මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
එයින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලැබීය.
මේ වන විට පොලිසිය විසින් මාධ්‍ය වෙත එම සැකකරුවන්ගේ රුවට සමාන ලෙස අඳින ලද සිතුවම් දෙකක් නිකුත් කර ඇත.
කෙසේ වෙතත්, පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි.
දුරකථන අංක – ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී / මන්නාරම කොට්ඨාසය – 0718591363
මන්නාරම මෙහෙයුම් මැදිරිය – 0232223224


