රජය, ගෙන්වන වාහන වලට බදු ගහනකොට රට තුළ තියෙන වාහනවල මිලට මොකද වෙන්නෙ?. වෙන දෙය මෙන්න..(VIDEO)
පසුගියදා රජය විසින් පෙබරවාරි මාසයේ සිට ආනයනය කෙරෙන වාහන සඳහා වන බදු ප්‍රතිශත විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළේ ය.
ඒ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ප්‍රකාශයක් කළේ ය.
ඒ වාහන ආනයනය නිසි පරිදි නියාමනයකට ලක් නොවුවහොත් යළිත් මෙරට විදේශ විනිමය අර්බුදයක් ඇති විය හැකි බවයි.
මෙම බදු පෙර බදු සමග සංසන්දනය කළ විට ලොකු වෙනස්කමක් නොමැති බව සදහන් කළ ඒ මහතා පෞද්ගලික පරිහරණයට ගෙන්වන වාහන වලට 200% - 300%ත් අතර ප්‍රමාණයක බදු දැක ගන්නට හැකි බව සදහන් කළේ ය.
එමෙන්ම, රජය විසින් වාහන ආනයනය කිරීමේ දී අයකරන බදු අනුපතිකයන් ඉහළ දැමීමක් සිදුකළ ද රට තුළ පවතින වාහනවල මිල ගණන්වල විශාල වෙනස්කම් සිදුවීමේ හැකියාවක් නොමැති බව ඒ මහතා සදහන් කළේ ය.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින් දැනගන්න,
.