කිලෝමීටර 51 ක් ගැඹුරින් පොළොව දෙදරවමින් දරුණු භූමිකම්පාවක්
ඉන්දුනීසියාවේ සුලවේසි කලාපයට අයත් මිනහාසා ප්‍රදේශයේ රික්ටර් මාපක 6.1 ක ප්‍රබලතාවයෙන් යුතු භූමිකම්පාවක් සිදුව තිබේ.
යුරෝපීය-මධ්‍යධරණී භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කරන පරිදි මෙම භූමිකම්පාව, ඉන්දුනීසියානු වේලාවෙන් අගෝස්තු 16 වනදා අලුයම 12.25 ට පමණ සිදුව ඇත.
පොළොව අභ්‍යන්තරයෙන් කිලෝමීටර 51 ක් ගැඹුරින් මෙය සිදුව ඇති අතර, මින් සිදුවූ හානි හෝ ජීවිත හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත. මෙය ඉන්දුනීසියානු වේලාවෙන් පැය කිහිපයක් ඇතුළත එරටින් වාර්තා වූ තෙවැනි භූමිකම්පාව වීම විශේෂත්වයකි.
සියලුම දෙනා දැනුවත්වෙන්න - අද මේ ප්‍රදේශ සහ දිස්ත්‍රික්ක සියල්ලේ සිදුවෙන දේ පිළිබඳව විශේෂ දැනුම්දීමක්
මීට පෙර එරට මධ්‍යම දූපත් සමූහය ආසන්නයේ අලුයම 3.28 ට පමණ රික්ටර් මාපකයේ 7.7 ක අගයකින් හටගත් ප්‍රබල භූමිකම්පාවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 40 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊට අමතරව බටහිර සුමාත්‍රා දූපතේ ද (15) පස්වරුවේ රික්ටර් මාපකයේ 6.9 ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූමිකම්පාවක් ඇති විය.
මේ අතර, පැපුවා නිව්ගිනියාවේ අන්ගෝරාම් ප්‍රදේශයේ ද එරට වේලාවෙන් (15) රාත්‍රී 9.10 ට පමණ රික්ටර් මාපකයේ 5.4 ක භූමිකම්පාවක් හටගෙන ඇති අතර එය කිලෝමීටර 120 ක් පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇති බව වාර්තා වේ.