නව රජයෙන් ශවේන්ද්‍රට මොකද වෙන්නේ?. ලැබුණ ආරංචිය මෙන්න..
මේ මස 31 වෙනිදා ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ සේවා කාලය මෙම 31 වැනි දින දක්වා දීර්ඝ කර තිබිණ.
වාහන ආනයනයේ දි බදු කොහොම ද ගහන්නේ?. බදු එක්ක වාහන මිල?. කැබිනට් ප්‍රකාශක මේ දැන් කළ දැනුම්දීම මෙන්න..
අධ්‍යාපනයේ වෙන නව වෙනස.. තවත් ක්ෂේත්‍ර ගණනාවකට සුබ වෙන්නයි යන්නේ.. ජනාධිපති යොමු කළ කැබිනට් පත්‍රිකාවකට වහා අනුමැතිය ලැබෙයි..
නමුත් නව රජය යටතේ ඔහුට සේවා දිගුවක් නොලැබෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ අනුව ඒ මහතාගේ දීර්ඝ ආරක්‍ෂක සේවා ඉතිහාසය මෙම දෙසැම්බර් 31 වන දායින් අවසන් වීමට නියමිතව ඇත.
ඔහු එතැන් සිට සේවයෙන් විශ්‍රාම ගනී.
නමුත් ශවේන්ද්‍ර සිල්වාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කරන්නේ ද නැතහොත් රඳවා ගන්නේ ද යන්න රජය තවමත් තීරණය කර නැත.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් රජයේ සැලසුම් පිළිබඳව විමසූ විට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එය අඛණ්ඩව පවත්වාගෙන යාම හෝ අහෝසි කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ය.
You May Like This Video👇
.