අධික වර්ෂාව රටම කලඹයි - ජලාශ කිහිපයකම වාන් දොරටු ඇරේ

Report

අද (19) දින පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇත. පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කිරීමට පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන ඇති අතර එහි තත්පරයකට ඝණ අඩි 5,190 බැගින් වූ ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශයට මුදාහැරිමින් පවතින බව සඳහන් වේ.

මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ ආශ්‍රිතව පවතින අධික වැසි හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනයට මෙසේ අද දිනයේදී වාන් දොරටු 04 ක් විවෘත කළ අතර කලා වැවේ වාන් දොරටු 02ක් ද මේ වන විට අඩි දෙක බැගින් ඔසවා ඇති බව වාර්තා වේ.

තත්ත්වය නරකයි - අද 1න් පස්සේ එලියට යන්න එපා ගෙදර ඉද්දීත් පරිස්සම් වෙන්න

තත්ත්වය නරකයි - අද 1න් පස්සේ එලියට යන්න එපා ගෙදර ඉද්දීත් පරිස්සම් වෙන්න

ඊට අනුව වාරිමාර්ග ඉංජිනේරුවරයා පවසන්නේ කලා වැවෙන් කලා ඔයට තත්පරයට ඝන අඩි 3,447ක ජල ධාරිතාවයක් පිට කරනු ලබන බවයි.

කලාවැව සහ බෝවතැන්න ජලාශ භාර වාරිමාර්ග ඉංජිනේරු බුද්ධික නවරත්න මහතා පවසන්නේ දඹුලු ඔය ඇතුළු ඉහළ ජල පෝෂක ප්‍රදේශවල සිට කලා වැවට තප්පරේට ගණ අඩි 4,545ක ජලධාරිතාවයක් ලැබෙමින් පවතින බවයි.

එමෙන්ම රාජාංගනය ජලාශයේ ද මේ වන විට වාන් දොරටු හයක් විවෘත කර ඇති අතර ඉන් තත්පරේට ගණ අඩි 4,990ක් කලාඔයට මුදා හරිමින් පවතින බව වාර්තා වේ.

ආයෙත් දරුණු රෝගයක් හිස ඔසවයි - දැන්ම මේ අංකයට කතා කරලා දැනුවත් වෙන්න

ආයෙත් දරුණු රෝගයක් හිස ඔසවයි - දැන්ම මේ අංකයට කතා කරලා දැනුවත් වෙන්න

අංගමුව ජලාශයේ ද මේ වන විට වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර එයින් තත්පරේට ගණ අඩි 2,824ක් කලා ඔයට මුදා හරිමින් පවතී.  

බෙංගාල බොක්ක කැළඹෙන්න යයි - ලංකාවට නරක ආරංචියක්

බෙංගාල බොක්ක කැළඹෙන්න යයි - ලංකාවට නරක ආරංචියක්