මේ ප්‍රදේශවලට අතිවිශේෂ නිවේදනයක් - පැය 24ක් වලංගු වේ

Report

කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනයට අනුව, කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා විටින් විට ඉහළ යා හැකි අතර, එම මුහුදු තීරයන් විටින් විට බෙහෙවින් රළු වනු ඇත.

සිරගත ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය ගැන අර්ජුන, කපිල්, ගවස්කාර් ඇතුළු ලෝක ක්‍රිකට් නායකයන්ගෙන් තද බල ඉල්ලීමක්

සිරගත ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය ගැන අර්ජුන, කපිල්, ගවස්කාර් ඇතුළු ලෝක ක්‍රිකට් නායකයන්ගෙන් තද බල ඉල්ලීමක්

තවද, මීගමුව සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0ත් 3.0ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් පවතින බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා වූ වෙරළබඩ ප්‍රදේශවලට මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක් ද හටගෙන තිබේ.

විශේෂ නිවේදනයක් - මෙරට ආරක්ෂක අංශ නේපාලයට යැවීමට විශේෂ තීරණයක්

විශේෂ නිවේදනයක් - මෙරට ආරක්ෂක අංශ නේපාලයට යැවීමට විශේෂ තීරණයක්

එබැවින් අදාළ මුහුදු ප්‍රදේශවල නිරත වන ධීවර සහ නාවික ප්‍රජාව මෙන්ම වෙරළ ආශ්‍රිතව පදිංචි මහජනතාව ද ඉදිරි පැය කිහිපය තුළ දැඩි විමසිල්ලෙන් සහ අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.