ආයෙත් අවදානම් නිවේදන කට්ටිය ප්‍රවේශමෙන්

Report

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනය අද (04) රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

නාමල් රාජපක්ෂගෙන් සුපිරි වැඩක් මෙන්න මිනිස්සු

නාමල් රාජපක්ෂගෙන් සුපිරි වැඩක් මෙන්න මිනිස්සු

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සබරගමුව සහ දකුණු පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.  

මගේ සත්තු ටික වතුරේ ගියා උදේ වෙද්දී මාත් වතුරට පනින්න හිත හදාගත්තා

මගේ සත්තු ටික වතුරේ ගියා උදේ වෙද්දී මාත් වතුරට පනින්න හිත හදාගත්තා