කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

Sri Lanka Western Province Uva Province Department of Meteorology
By Zara Mar 02, 2025 01:21 PM GMT
Zara

Zara

Report

ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (02) පෙරවරුවේ නිකුත් කර ඇති එම අවවාදාත්මක නිවේදනය අද (02) රාත්‍රී 9.30 දක්වා වලංගු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එම නිවේදනයේ දැක්වෙන පරිදි බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකියි.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි වන අතර උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

දළදා ප්‍රදර්ශනයට දින නියම කරයි

දළදා ප්‍රදර්ශනයට දින නියම කරයි

අල්ලස් ඉල්ලූ තරු පොලිස් සහ කොස්තාපල්ට වැඩ වරදී

අල්ලස් ඉල්ලූ තරු පොලිස් සහ කොස්තාපල්ට වැඩ වරදී


ReeCha