දළදා ප්‍රදර්ශනයට දින නියම කරයි

By Gagana News Mar 02, 2025 11:59 AM GMT
Report

සිරි දළදා ප්‍රදර්ශනය එළඹෙන අප්‍රේල් මස 18 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමට තීරණය වී තිබෙනවා.

දළදා ප්‍රදර්ශනය පැවැත්වීම සහ එහි ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා වූ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවති බව සඳහන්.

එහිදී සිරි දළදා ප්‍රදර්ශනය එළඹෙන අප්‍රේල් මස 18 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමට තීරණය වූ බවයි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා පැවසුවේ.