ත්‍රීරෝද රථ හිමිකරුවන්ට නීති මාලාවක්... විදේශිකයින්ට ලබාදීමේදී පරිස්සමෙන්
විදේශ රටවල සිට ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදෙස් ජාතිකයන් විසින් මෙරට තුලදී ත්‍රී රෝද රථ පදවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව වාර්තා වී තිබෙනවා.
පසුගිය කාලසීමාවේදී මේ සම්බන්ධව සිදු වූ මාරක සහ අනෙකුත් අනතුරු ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වී තිබෙන බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා. මෙහිදී අනාවරණය වී ඇත්තේ මෙම අනතුරුවලට අදාළව රිය පදවන ලද විදේශීය ජාතිකයින් සඳහා ත්‍රීරෝද රථ පැදවීමට බලපත්‍ර නොමැති බවයි.
එමෙන්ම පුහුණුවක් නොමැති වීම මෙම අනතුරු සිදු වීමට තවත් හේතුවක් වී ඇති බව සඳහන්. විදේශිකයෙකුට මෙරටදී වාහන පැදවීම සඳහා පහත සඳහන් බලපත්‍ර වලින් එකක් හෝ අවශ්‍ය වේ.
Trending News
A මෙරට වලංගු රියදුරු බලපත්‍රය B මෙරටට වලංගු ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය C ඔහුගේ රටේ රියදුරු බලපත්‍රය ඉහත සඳහන් බලපත්‍ර වලංගුව තිබිය යුතු අතර ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී ත්‍රී රෝද රථ පැදවීම සඳහා වලංගු පංතියක් ඇතුලත් කරනු නොලබයි .
එසේම මෙරටදී සිදු කරන රියදුරු බලපත්‍ර පරිවර්තනයේදීද ත්‍රී රෝද රථ සඳහා වලංගු බලපත්‍ර නිකුත් කරනු නොලබන බව සඳහන් .
