අධිවේගී මාර්ගයේ අනතුරක් - කඩවත දෙසට යන අයට දැනුම්දීමක්
පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩුවෙල සහ කඩවත අතර 15 වැනි කිලෝමීටර කණුව අසලදී අද (12) දින ලොරි රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම අනතුර හේතුවෙන් කඩවත දෙසට ධාවනය වන මංතීරු අවහිර වී ඇති අතර, දැනට රථවාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා කර ඇති බව සඳහන් වේ.
එසේම මේ හේතුවෙන් කඩුවෙල සිට කඩවත දෙසට ගමන් ගන්නා වාහන සඳහා දැඩි රථවාහන තදබදයක් පවතින බවද වාර්තා වේ.