හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාව ඇප මත මුදාහැර තිබේ.
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (18) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කලේය.ඒ අනුව ඔහුට ඇප ලැබුණි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා මුදල් අනුමත කිරීම තුළින් අදාළ වරදට ආධාර හා අනුබල ලබාදුන් බවට චෝදනා එල්ලවීමෙන් අනතුරුව, ඒකනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. පසුගිය 11 වනදා ඔහු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.
රඳවාගෙන ප්‍රශ්න කළ අකුරේගොඩ ඝාතන සැකකරුවන් අද යළි අධිකරණයට - ජංගම දුරකථනවල දත්ත මකලා තවත් රහස් එළියට