ලංකාවේ කාලගුණයේ හදිසි වෙනසක් - එකවර කාලගුණ අවවාදාත්මක නිවේදන දෙකක්

Report

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මුහුදු රළ උස ඉහළ යාම සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0-3.0ක් පමණ ඉහළයාමේ හැකියාවක් පවතී.

මාලිමාවේ ප්‍රබලයෙක් අත්අඩංගුවට - විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකුගේ නිවසට දැඬි හානි

මාලිමාවේ ප්‍රබලයෙක් අත්අඩංගුවට - විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකුගේ නිවසට දැඬි හානි

මේ හේතුවෙන් හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩ බිමට පැමිණීමේ හැකියාවක් ද පවතී. මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ප්‍රජාවන්, එම වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල වෙසෙන ජනතාවත් මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලබයි.

මේ අතර, නැගෙනහිර පළාත සහ පොළොන්නරුව, යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මාරාන්තික වෛරසයෙන් ලංකාවට දැඬි බලපෑම් - බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් ගණනක් වාර්තා වෙමින් පවතී

මාරාන්තික වෛරසයෙන් ලංකාවට දැඬි බලපෑම් - බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් ගණනක් වාර්තා වෙමින් පවතී

නැගෙනහිර හා පොලොන්නරුව, පළාතේත් යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතු මට්ටමක පැවතිය හැකි බව නිවේදනයේ සඳහන් වෙයි.