මාලිමාවේ ප්රබලයෙක් අත්අඩංගුවට - විශ්රාමික රාජ්ය නිලධාරියෙකුගේ නිවසට දැඬි හානි
නෙල්ලිඅඩි පොලීසිය විසින් ජාතික ජන බලවේගයේ වඩමරාච්චි ප්රාදේශීය සභා මන්ත්රීවරයෙක් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නෙල්ලිඅඩි ප්රදේශයේ පිහිටා ඇති විශ්රාමික රාජ්ය නිලධාරියෙකුගේ නිවසේ ආරක්ෂිත කැමරාවට අලාභ හානි සිදු කිරීමේ සිද්ධිය සඳහාය.
විශ්රාමික රාජ්ය නිලධාරියා විසින් නෙල්ලිඅඩි පොලිසියට පැමිණිලි කර ඇති අතර එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරින් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඉන් අනතුරුව මොවුන් පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ප්රශ්න කිරීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදාහැර ඇති අතර හෙට (31) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට දැනුම්දී ඇත.
[CZYTFLV[