මාරාන්තික වෛරසයෙන් ලංකාවට දැඬි බලපෑම් - බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් ගණනක් වාර්තා වෙමින් පවතී

Report

2026 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 95,174ක් දක්වා ඉහළ ගොස් ඇත. ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 72 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර ඇත.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 50කට තවදුරටත් ඩෙංගු අධිඅවදානම් කලාපයේ පසුවන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය ඊයේ (29) මධ්‍යම රාත්‍රිය වන විට නිකුත් කර ඇති නවතම නිල දත්ත වලට අනුව මේ වසර තුළ වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් අඩකට වඩා එනම් 52.91% ක් (රෝගීන් 50,358ක්) වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්ය.

කිරිපිටි රු. 260කින් මිල ඉහළට? BREAKING NEWS නමින් යන පුවත ගැන පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ නිවේදනයක්

කිරිපිටි රු. 260කින් මිල ඉහළට? BREAKING NEWS නමින් යන පුවත ගැන පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ නිවේදනයක්

දිස්ත්‍රික්ක වශයෙන් ගත් කල වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයට වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 20,276ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,865ක් වාර්තා වී ඇත.

ගතවූ මාස අටක කාලය සලකා බැලීමේදී වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ පසුගිය ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,962ක් වේ.

ලංකාවම කැළඹෙන ආරංචියක් - ලංකා මුහුදු තිරයේ විශාල තෙල් හා ගෑස් නිධි දෙකක් මතුවෙලා

ලංකාවම කැළඹෙන ආරංචියක් - ලංකා මුහුදු තිරයේ විශාල තෙල් හා ගෑස් නිධි දෙකක් මතුවෙලා