T-20 2024 ලෝක කුසලානයේ 20 වැනි තරගයේ ජය ස්කොට්ලන්තයට..

Report

T-20 2024 ලෝක කුසලානයේ 20 වැනි තරගය ලෙසින් ඕමානය සහ ස්කොට්ලන්තය අතර පැවති තරගය ජය ගැනීමට ස්කොට්ලන්තය අද (10) සමත් විය .ඒ කඩුලු 07කින් ඕමානය පරාජය කරමින්ය.

පරිවාස ළමා රැදවුම් මධ්‍යස්ථානයක දැරියන් ලිංගික අලවි කළ පාලිකාවන් මාට්ටු වූ හැටි.

පරිවාස ළමා රැදවුම් මධ්‍යස්ථානයක දැරියන් ලිංගික අලවි කළ පාලිකාවන් මාට්ටු වූ හැටි.

එහිදී Sir Vivian Richards Stadium, North Sound, Antigua හිදී ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ පස්වරු 10.30ට ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕමානය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබූ අතර ඒ අනුව පිටියට පිවිසි ඕමානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 150ක් රැස් කිරීමට සමත් විය .

අනතුරුව ලකුණු 151ක් පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 13යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 153ක් ලබා ගනිමින් මෙම තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුහ .

හිටපු එල්.ටි.ටි.ඊ සාමාජිකයකුගේ තොරතුරකට රන් සොයා ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පහක් අත්අඩංගුවට..

හිටපු එල්.ටි.ටි.ඊ සාමාජිකයකුගේ තොරතුරකට රන් සොයා ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පහක් අත්අඩංගුවට..

ස්කොට්ලන්ත කණ්ඩායමේ Brandon McMullen නොදැවී පන්දු 31කදී ලකුණු 61ක් රැස් කළ අතර, George Munsey පන්දු 20කදී ලකුණු 41ක් ලබා ගන්නා ලදී .

T-20 2024 ලෝක කුසලානයේ 21 වැනි තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 08.000 Nassau County International Cricket Stadium, New York හිදී පැවැත්වීමට නියමිතයි.