ස්කොට්ලන්තයේ නේවාසික වෛද්‍යවරු වැඩ වර්ජනයකට සැරසෙයි
By Kanchana
ස්කොට්ලන්තයේ නේවාසික වෛද්‍යවරු විසින් වැඩ වර්ජනයක් ආරම්භ කිරිමට තීරණය කර ඇත.
ඒ අනුව ස්කොට්ලන්තයේ ජාතික සෞඛ්‍ය සේවයේ වැඩ වර්ජනයක් දියත් කෙරෙන පළමු අවස්ථාව මෙය බව විදෙස් වාර්තා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව වෛද්‍යවරුන්ගේ වැටුප් 2008 මට්ටමට යථා තත්ත්වයට පත් කිරීම සඳහා පියවර නොගන්නා බවට නේවාසික වෛද්‍යවරු එරට රජයට චෝදනා එල්ල කර තිබේ.
මෙම වැඩවර්ජනය සම්බන්ධව වෛද්‍යවරු ඒ සඳහා කැමැත්ත විමසීමක් සිදුකර ඇත.
වෛද්‍යවරුන්ගෙන් 92%ක් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ .
ඒ අනුව වැඩ වර්ජනය 2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා උදෑසන 07:00 සිට ජනවාරි 17 වන සෙනසුරාදා 07:00 දක්වා පැවැත්වීමට නියමිතය.
මෙම තීරණය සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත්ව තිබෙන බව ස්කොට්ලන්ත සෞඛ්‍ය ලේකම් නීල් ග්‍රේ මාධ්‍යට වාර්තා කරයි.