දින 03ක විශේෂ පාසල් නිවාඩුවක්..20 දක්වා වැසෙන පාසල් මෙන්න.(UPDATE)

Report

අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ ප්‍රදේශවල පිහිටි පාසල් එකොළහක් අද(18) වැනිදා සිට 20 වැනිදා දක්වා වසා තැබීමට උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ, පොසොන් උත්සවය නිමිත්තෙන් බවයි පැවසෙන්නේ.

මෙරට ප්‍රධාන නගරයකට සතියක් පුරා ආරක්ෂාව තරකරයි..

මෙරට ප්‍රධාන නගරයකට සතියක් පුරා ආරක්ෂාව තරකරයි..


ඒ අනව, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය,ස්වර්ණපාලි ජාතික පාසැල,වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය,නිවත්තකචේතිය ජාතික පාසැල,සහිරා ජාතික පාසැල,විවේකානන්ද මහා විද්‍යාලය,දේවානම්පියතිස්ස පුර මහා විද්‍යාලය, මහාබෝධි විද්‍යාලය,මිහින්තලේ මහා විද්‍යාලය,මිහින්තලේ කම්මලක්කුලම විද්‍යාලය සහ තන්තිරිමලේ විමලඥාණ විද්‍යාලය වසා තැබීමට නියමිතව ඇත.

එම පාසල් වසා දැමීමට තීරණය කර ඇත්තේ, විශේෂ ආරක්ෂක රාජකාරි සදහා පිට පළාත්වලින් පැමිණෙන පොලිස් නිලධාරීන්ට නවාතැන් පහසුකම් සැපයීමට බවයි පැවසෙන්නේ.

කොරෝනාටත් වඩා දරුණු රෝගයක්.. පැය 48කින් මරණය.. ලංකාවට රතු එළියක්..

කොරෝනාටත් වඩා දරුණු රෝගයක්.. පැය 48කින් මරණය.. ලංකාවට රතු එළියක්..


අනුරාධපුර ජාතික පොසොන් උත්සව කමිටුව හා අනුරාධපුර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතා විසින් උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් කළ ඉල්ලීමක් මත එම පාසැල් මෙලෙස වසා තැබෙනු ඇති.