දවස් 14ක් දෙන්නම්.. රාජ්‍ය සහ පෞද්ගලික පාසල් දෙවර්ගයටම.. වහාම අද ගත්ත විශේෂ තීරණයක් මෙන්න..
රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් ප්‍රදේශයේ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් හදිසි පරික්ෂාවට ලක් කර තිබෙනවා.
ඒ අද (30) දින තුළ දී ය.
උදැසන පාසල් ළමුන් ප්‍රවාහනය කිරිමෙන් අනතුරුව එම බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසිය ඉදිරිපිටට රැගෙන විත් තිබෙනවා.
ඒ එම වාහනවල තිබෙන සියලුම අඩුපාඩුකම් රියදුරන් වෙත පෙන්වා දිමයි.
ඒ අනුව එම අඩුපාඩුකම් සපුරා ගැනිමට දින 14 ක කාලයක් ලබාදිමට පියවර ගෙන තිබුණේ ය.
එම කාලය අතුරතුර හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් පෙන්වා දුන් අඩුපාඩුකම් සපුරා නොගන්නා බස් රථ සහ වෑන් රථ නුවරඑලිය දිස්ත්‍රික් මොටර් රථ පරික්ෂකවරයාගේ පරික්ෂාවට යොමු කිරිමට නියමිතයි.
ඒ අනුව එම වාහන ධාවනයෙන් ඉවත් කිරිමට හෝ එම වාහනවල හිමිකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකරගේ උපදෙස් මත හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේනගේ අධික්ෂණය යටතේ මෙම වාහන පරික්ෂා කිරිම සිදු කෙරිණ.