පාසල් සිසුන්ට මෙන්න සුබ ආරංචියක්. - පාසල් රවාහන ගාස්තුත් අඩු කෙරේ.
Vijitha Herath
Sri Lankan Schools
School Children
AKD
By Wayomi
පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් සහ බස් රථ ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය මේ වන විට යොමු කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (15) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්ධන මිල අඩු කළද පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් සහ බස්රථවල ගාස්තු අඩු කර නොමැති වීම හේතුවෙන් ඉදිරි සති දෙක ඇතුළත වාර්තාවක් කැඳවා මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.