බෝඩිං සිසුවියන්ව අපයෝජනයට ලක්කළ අධ්‍යාපන ආයතනයක හිමිකරු දැලේ!

Report

කුරුණෑගල නගරයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක නේවාසිකව අධ්‍යාපනය ලබන සිසුවියන් දස දෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කර, පහර දී තුවාල සිදු කළ බවට චෝදනා එල්ල වූ එම ආයතනයේ හිමිකරු සහ විදුහල්පතිවරයා වන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුව කුරුණෑගල මූලස්ථාන පොලීසිය විසින් පසුගිය 22 වනදා අත්අඩංගුවට ගනු ලැබීය.

කුරුණෑගල, උඩවලවල්පොළ මාර්ගයේ පිහිටි මෙම ආයතනය පවත්වාගෙන යන සැකකරු, කුරුණෑගල ජයන්තිපුර පාර ප්‍රදේශයේ පදිංචි, 48 හැවිරිදි විවාහක දෙදරු පියෙකි. ඔහු මෙම ආයතනයේ හිමිකරු මෙන්ම විදුහල්පති ලෙසත් කටයුතු කර ඇත.

හෙරොයින් සමඟ මිනී ඇටකටු - ඇඟ හිරිවැටෙන සත්‍ය කතා මෙන්න!

හෙරොයින් සමඟ මිනී ඇටකටු - ඇඟ හිරිවැටෙන සත්‍ය කතා මෙන්න!

අපයෝජනයට ලක් වූ සිසුවියන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි, වයස අවුරුදු 15ත් 18ත් අතර පසුවන අය වන අතර, ඔවුන් මෙහි නේවාසිකව අධ්‍යාපනය ලබා ඇත. සිසුවියන් විසින් කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ලිංගික අතවර පිළිබඳ පැමිණිලි කිරීමෙන් අනතුරුව, අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ආයතනය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලින් අසමත් වූ සිසුන් සහ සිසුවියන් සඳහා මුදල් ගෙවා සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් නේවාසික අධ්‍යාපනය ලබා දී, ඔවුන් රජයේ විභාග සඳහා ඉදිරිපත් කිරීමේ පදනම යටතේ ක්‍රියාත්මක වූවකි. එහි සිසුවියන්ට ආයතනය තුළම නේවාසික පහසුකම් සැපයූ අතර, සිසුන්ට වෙනත් ස්ථානයක නේවාසික පහසුකම් ලබා දී ඇත.

දිවයිනේ සියලුම ආහාර පරිහරණ ආයතනවලට අද වෙනදේ මෙන්න!

දිවයිනේ සියලුම ආහාර පරිහරණ ආයතනවලට අද වෙනදේ මෙන්න!

බාලිකාවන් පමණක් සිටින නේවාසිකාගාරයක ආරක්ෂාව සඳහා පාලිකාවන් සිටිය යුතු වුවත්, මෙම ස්ථානයේ බාලිකාවන් පාලනය ඇතුළු සියලු කටයුතු සැකකරු විසින්ම සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළේය. එම ස්ථානයේ සිසුවියන් 25 දෙනෙකු පමණ අධ්‍යාපනය ලබා ඇත.

සැකකරු විසින් අධ්‍යයන කටයුතුවලදී සහ රාත්‍රී කාලයේදී සිසුවියන්ගේ ශරීරය අතපත ගාමින් ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවත්, තම මෝටර් රථයේ නංවාගෙන අධ්‍යයන කටයුතු සඳහා යැයි පවසමින් රැගෙන ගොස්ද ඔවුන් අපයෝජනය කළ බවත් පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත. එසේම, සිසුවියන් පිරිසකට පහර දීමෙන් තුවාල සිදු කර ඇති බවද ඔවුන් පොලීසියට ප්‍රකාශ කර තිබේ.

පෙනුම නිසා සෙක්ස් කැරැක්ටර් තමයි හම්බවෙන්නේ - මලීෂා කියයි

පෙනුම නිසා සෙක්ස් කැරැක්ටර් තමයි හම්බවෙන්නේ - මලීෂා කියයි

මෙම අපයෝජන සිද්ධීන් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා සිදු වී ඇති අතර, සැකකරු මීට පෙර මහනුවර ප්‍රදේශයේ සමාන ආයතනයක සේවය කරමින් සිටියදීද සිසුවියන්ට ලිංගික අතවර කිරීමේ චෝදනාවකට ලක් වූ අයෙකු බව වාර්තා වේ.

අපයෝජනයට ලක් වූ සිසුවියන් පිරිස ඊයේ (23) කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතව තිබිණි.