දිවයින පුරා පාසල් ආරම්භ වන්නේ මෙන්න මෙහෙමයි - අධ්‍යාපන අමාත්‍යාංශය කළ විශේෂ දැනුම්දීම මෙන්න..
අද (20) දිනයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර ආරම්භ වීමට නියමිතය.
ඒ අනුව පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මකය.
ඒ බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.
මේ අතර, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද දිනයේ වසා තැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,
මේ අතර, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ මුහුණදෙන ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් සිය මෙහෙයුම් මැදිරිය දැනුවත් කරන ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.
කෙසේ වෙතත්, පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මධ්‍යස්ථානයට ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දිය හැකි බව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් උදය හේරත් මහතා කියා සිටියේ ය.