ආයේ බස් වෙලාවත් පාසල් වෙලාවත් වෙනස් වෙයි - ලංගම පෞද්ගලික බස් දෙකේම ලොකු වෙනසක්

Report

රජයේ ප්‍රතිපත්තියට අනුව 2026 පළමු පාසල් වාරයේ සිට පාසල් පැවැත්වෙන වේලාවන් පැය භාගයකින් දීර්ඝ කිරිමට තීරණය කර ඇත. එම තීරණයට අනුව ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවන කාල සටහන් සකස් කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවත්වී ඇත.

ඒ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන) එස්.එම්. චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිළධාරින්ගේ සහ හැටන් ඩිපෝවේ නිළධාරින්ගේ සහභාගිත්වයෙන් හැටන් අජන්තා උත්සව ශාලාවේදිය.

හෙට රජයේ ආයතන හා පාසල් වල විශේෂ වැඩක් මෙන්න

හෙට රජයේ ආයතන හා පාසල් වල විශේෂ වැඩක් මෙන්න

රජය විසින් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති නව අධ්‍යාපන සැලැස්මට අනුව මධ්‍යම පළාත තුල ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනය සම්බන්ධයෙන් කාලසටහන 2025.12.15 දිනට ප්‍රථම සකස් කර අවසන් කල යුතු බව එම රැස්වීමෙද් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරි (ධාවන) එස්.එම්. චන්ද්‍රසිරි මහතා පැවසුවේය.

එමෙන්ම ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනක් අනුව ධාවනය කල යුතු බවත්, දැනට පවතින අඩුපාඩුකම් හදුනා ගෙන එම අඩුපාඩුකම් සපුරා ගනිමින් 2026 වසරේ සිට මෙරට තුල ගුණාත්මක පොදු ප්‍රවාහන සේවයක් ලබා දිය යුතු බවත් කතා බස් සිදුවිය. දැනට හැටන් ලංගම ඩිපෝව මගින් නියමිත කාලසටහන අනුව ඒකාබද්ධව ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනයට එක් කලද ඇතැම් පෞද්ගලික බස් රථ හිමියන් එයට සහයෝගය නොදැක්වීම හමුවේ ගැටළු රැසක් ඇති වී ඇති බවත් වාර්තා වේ.

කටාර් ගුවන් සේවය කිරිසප්පයට කරපු කැත වැඩේ - දරුවා දැඩි සත්කාරේ අසාධ්‍යයි

කටාර් ගුවන් සේවය කිරිසප්පයට කරපු කැත වැඩේ - දරුවා දැඩි සත්කාරේ අසාධ්‍යයි

එහිදී මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිළධාරින් පවසා සිටියේ එම කාලසටහන අනුව ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනය කරන ලෙසත්, එම කාලසටහන අනුව බස් රථ ධාවනය නොකරන පෞද්ගලික බස් රථ රියදුරන්ට එරෙහිව නෛතික පියවර ගැනිමට කටයුතු තරන බවයි.

එළබෙන ශ්‍රීපාද වන්දනාවාරයෙදි හැටන් දුම්රිය ස්ථානයේ සිට ශ්‍රීපාද වන්දනාකරැවන් නල්ලතන්නිය දක්වා රැගෙන යෑමටත් ආපසු රැගෙන ඒමටත් ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනය එක් කිරිමටත් එම බස් රථ වලින් ශ්‍රී පාද වන්දනාවේ ගමන් කරන වන්දනාකරුවන්ට පරිසරය ආරක්ෂා කරගනිමින් ශ්‍රී පාද වන්දනායේ යෙදෙන ලෙසට පණිවිඩයක් ලබා දීම සම්බන්ධයෙන් ක්‍රමවේදයක් සකස් කිරිමටද මෙම රැස්වීමේදි විශේෂ අවධානය යොමු කලහ.