පාසල් නිවාඩු දීලා ආයෙ පටන් ගන්න එක ගැන ඇත්තටම ඊයේ මොකක්ද කීවේ?. එතකොට 19 වෙනිදා මොකක්ද වෙන්නෙ..
දිවයිනේ සියලුම පාසල් එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් සැප්තැම්බර් 20 වැනි දින වසා තැබෙයි.
ඒ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.
එම වසා දැමෙන පාසල් නැවත 23 වැනි දින ආරම්භ කිරීමට ද නියමිතව ඇත.
එසේම, ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වැනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදී ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතුය.
තවද, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් එම ලේඛනයේ සඳහන් පරිදී ඒ ඒ පාසලට අදාළ වකවානුව තුළ පමණක් වසා දැමීමට කටයුතු කරනු ඇත.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,