රජයේ රැකියාවකට බලන් හිටපු අයට මෙන්න අයදුම්පත් කැඳවයි, ඉක්මන් කරලා මේ විදිහට අයදුම් කරන්න

Report

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම වෙනුවෙන් සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන් අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඒ සඳහා වූ අයදුම්පත්‍ර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි www.parliament.lk ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම’ නම් ක්ෂණික සබැඳි යටතේ පළකර තිබෙනවා.

මාලිමාවට හික් ගෑවෙන්න රාජ්‍ය සේවකයන්ගේ ඇඟිල්ලෙයි ආණ්ඩුවෙයි තියෙන පැටිකිරිය දිගාරියි

මාලිමාවට හික් ගෑවෙන්න රාජ්‍ය සේවකයන්ගේ ඇඟිල්ලෙයි ආණ්ඩුවෙයි තියෙන පැටිකිරිය දිගාරියි

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ එම ආකෘතිය අනුව සකස් කර, සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2025 සැප්තැම්බර් 04 දින හෝ එදිනට පෙර යොමුකළ යුතු බවයි.

එසේම අදාළ අයැදුම්පත්‍ර,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කාර්යාලය, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ, යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය දන්වා ඇත.

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

එමෙන්ම ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ/ විද්‍යුත් ලිපියෙහි විෂය ලෙස ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම’ යනුවෙන් ද සඳහන් කළ යුතු බව දන්වයි.

එම සබැඳිය: පහතින්,

click here

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

සුභ ආරංචියක් රජයෙන් අක්කරේකට රුපියල් 80,000ක වන්දියක් දෙන්න සුදානම්

සුභ ආරංචියක් රජයෙන් අක්කරේකට රුපියල් 80,000ක වන්දියක් දෙන්න සුදානම්